නව රජය පත්වී දින 49ක් තුළ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 5,280ක් සිය භාරයට ගත් බව පොලිසිය පවසනවා.
ඒ අතර ගංජා සහ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 3,504ක් වන බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ.
‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය‘ යන තේමාව යටතේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මෙම අදහස් පළ කළා.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හේතුවෙන් රථ වාහන අනතුරුවලින් දිනකට මියයන සංඛ්‍යාව අඩුකර ගැනීමටද හැකි වූ බව එහිදී ප්‍රකාශ කෙරුණා.
පසුගිය දිනවල රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 9කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා.
කෙසේවෙතත් එම මරණ සංඛ්‍යාව 04ක් දක්වා අවම කරගැනීමටත් ඇතැම් දිනවල මරණ 02ක් දක්වා අඩුකර ගැනීමටත් හැකි වූ බවයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසුවේ.