Saturday, January 18, 2025

General line - 0115112241

චීනයට ගිය ජනපති සිචුවාන්හි සංචාරයක

එන් ඒ ඩබ් නිරෝෂන්




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ සිදු කළ සිව් දින රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින් අද රාත්‍රියේ  දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. 

චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය වූ අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි මහතා අතර හමුවක් සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

ඉන් අනතුරුව ජනාධිපතිවරයා චීනයේ සිචුවාන්හි චෙන්ග්ඩු ප්‍රදේශයේ පිහිටි ඩොංෆැන්ග් විදුලි සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවකද  නිරත වී තිබෙනවා.

සිය සිව් දින  චීන රාජ්‍ය සංචාරයේ අවසානය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, බිම් මට්ටමේ තිරසාර සංවර්ධනය තුළින් ග්‍රාමීය පුනර්ජීවනය නිරූපණය කරන ආදර්ශ ගම්මානයක් වන ෂැන් කි ආදර්ශ ගම්මානය සහ  ජාතික විද්‍යා, තාක්ෂණ හා කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමටද එක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් පළ වුණා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා එහිදී කියා සිටියේ ජනාධිපතිවරයා සිදුකරගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවයි.