Friday, January 17, 2025

General line - 0115112241

මනූෂගේ සොහොයුරාට ඇප




හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂන නානායක්කාර මහතා ඇප මත මුදා හැරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 

ඒ අනුව ඔහු රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හරින ලෙසයි අධිකරණය නියෝග කළේ.

නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තිසර ඉරෝෂන නානායක්කාර ඉකුත් දෙසැම්බර්  28 වනදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.