ගිනිගත්හේන පොලිස් ස්ථානය ඉදිරිපිට අනාරක්ෂිත ආපන ශාලාවක් කඩා වැටී තුවාල ලැබූ සිසුන් හය දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
නගරයේ බාහිර පන්තියකට සහභාගි වීම සඳහා පැමිණ ඇති එම සිසුන් ආහාර ලබා ගැනීමට එම ආපන ශාලාවට ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එහිදී ආපන ශාලාවේ ලී පොළොව කඩා වැටී සිසුන් හය දෙනා අඩි 15ක පමණ බෑවුමකට පෙරළී ගොස් තිබෙනවා.
වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් එම සිසුන් ගිනිගත්හේන රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ අඹගමුව විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් හය දෙනකු බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.