Sunday, January 19, 2025

General line - 0115112241

වැල්ලම්පිටිය අත්අඩංගුවට ගත් සිවිල් ආරක්‍ෂක නිලධාරියා




වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සිවිල් ආරක්‍ෂක නිලධාරියා රුපියල් ලක්ෂ දෙකක මුදලකට ටී 56 ගිනි අවියක් අලෙවි කර ඇති බවට අනාවරණ වී තිබෙනවා. 

එම සිවිල් ආරක්‍ෂක නිලධාරියා පසුගිය 11 වනදා පිස්තෝලයක් සමග කෙළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 

ඔහු රැඳවුම් නියෝග මත රඳවාගෙන සිදු කළ ප්‍රශ්නකිරීම් හමුවේ ටී 56 ගිනි අවියක් එම පතරොම් ගැබක්, ජීව පතරොම් 18ක් සමග සැකකරුවෙකු වැලිකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

සිවිල් ආරක්‍ෂක නිලධාරියාගෙන් තවදුරටත් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔහු තවත් ටී 56 ගිනි අවියක් රුපියල් ලක්ෂ දෙකක මුදලකට අලෙවි කර ඇති බවයි. 

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් වැලිඔය ප්‍රදේශයට ගොස් එම ටී 56 ගිනි අවිය පතරොම් ගැබක් හා ජීව පතරොම් 11ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

වෙළඳසැලක් පවත්වාගෙන යනු ලබන එම සැකකරු වැලිකන්ද, කාලිංගවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය පැවසුවේ. 

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.