අද දිනයේද දුම්රිය ගමන්වාර 47ක් අවලංගු වී තිබෙනවා.
සාමාන්‍යයෙන් සෙනසුරාදා දිනයක දුම්රිය ගමන් වාර 225ක් පමණ ක්‍රියාත්මක වනවා.
විභාගයකට සූදානම් වීම සඳහා දුම්රිය රියදුරන් පිරිසක් අධ්‍යයන නිවාඩු ලබා ගැනීම හේතුවෙන් අද දිනයේ එලෙස දුම්රිය ගමන් වාර 47 අවලංගු කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
අදාළ රියදුරන්ගේ විභාගය හෙට දිනයේ පැවැත්වෙනවා.
ඒ අනුව හෙට දිනයේද දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු වනු ඇති බවයි වාර්තා වුණේ.