අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය දින නියමයක් නොමැතිව කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.
හර්ෂ ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.
කෙසේවෙතත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළ විභාගය ලබන මැයි මස 09 වනදා සිදු කරන බවත් විනිසුරු මඩුල්ල විසින් දින නියම කරනු ලැබුවා.
මෙම ඇප ඉල්ලීම අද කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර හර්ෂ ඉලුප්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඉකුත් සැප්තැම්බර් මස 26 වන දා සිට රිමාන්ඩ් භාරයේ පසුවන බව සඳහන් කළා.
ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියකු වන සිය සේවාදායකයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වග උත්තරකරු ඇප මත මුදාහරින්නේද? නැද්ද? යන තීන්දුව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල්තබන බව නිවේදනය කළා.