Sunday, February 2, 2025

General line - 0115112241

යළිත් ආර්ථික අර්බුදයක් ඇති නොවන බව ජනපති කියයි




යළිත් රට තුළ ආර්ථික අර්බුදයක් ඇති නොකිරීමට තම රජය වගබලා ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

රටේ ආර්ථිකය මේ වන විටත් ශක්තිමත් වෙමින් ඇති බවයි පොල්පිතිගම ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ.


ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා.


හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද ඉදිරියේදී අවම කිරීමට රජය නිසකවම කටයුතු කරන බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේ.