වත්මන් රජය විසින් සිදු කරන බව කියන ව්‍යවස්ථා සංශෝධනයේ දී ඒකීය බව හැඟවෙන ව්‍යවස්ථාවක් සම්මත වුවහොත් තමන් දේශපාලනයෙන් සමු ගන්නා බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පවසනවා.
දෙමළ දේශපාලනඥයින් කීපදෙනකු සමග යාපනය ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි ඔහු මේ බව පැවසුවා.
මන්ත්‍රීවරයා සඳහන් කළේ ඒකීයභාවයට පමණක් මුල් තැනක් ලබාදෙන නව ව්‍යවස්ථාවක් සම්මත වුවහොත් දෙමළ දේශපාලනඥයකු වශයෙන් දෙමළ ජාතිකවාදය හෝ දෙමළ අයිතිවාසිකම් ගැන තමන් තවදුරටත් පෙනී සිටීමෙන් කිසිදු ඵලක් ඇති නොවන බවයි.
ඒ හේතුවෙන් රට තුළ එවැනි ව්‍යවස්ථාවක් සම්මත වුවහොත් තමන් දේශපාලන කටයුතුවලින් ඉවත් වන බව ඔහු කියා සිටියා.
තමන් සමග උතුරු නැගෙනහිර ප්‍රදේශවල දෙමළ මන්ත්‍රීවරුන් 19 දෙනෙකු සිටින අතර ඒ අතරින් මන්ත්‍රීවරුන් දසදෙනකුම දෙමළ ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින බැවින් ඔවුන් ද එම තීරණයම ගැනීමට සූදානම් බවයි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා සඳහන් කළේ.