Sunday, February 2, 2025

General line - 0115112241

ලිඛිතව දැනුම් දුන්නොත් ඕනෑම අවස්ථාවක ඉවත් වීමට සූදානම් බව නාමල් කියයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිල නිවසින් ඉවත් වීම සඳහා රජය විසින් ලිඛිතව දැනුම් දීමක් සිදු කලහොත් ඕනෑම අවස්ථාවක නිල නිවසින් ඉවත් වීමට මහින්ද රාජපක්ෂ මහතා සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. 

මන්ත්‍රීවරයා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතා එම නිවස තුළ රැඳී සිටින්නේ ව්‍යවස්ථානුකූලව බවයි. 


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයේදී රජයේ වැඩි අවධානයක් යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසනවා. 


රජය ලබාදුන් පොරොන්දු කඩිනමින් ඉටු කරමින් ජනතාවට සහන ලබාදීම රජයේ වගකීම බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ.