යුධ හමුදා හා පොලිස් නිළ ඇදුම්, ව්‍යාජ පිස්තෝලයක්, ඇත් දළ 02ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මහබාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරු මත ඇලපිටිවල, මගුල්පොකුණ හා හොරපේ යන ප්‍රදේශවල සිදුකල වැටලීම්වලදීයි.
එහිදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී, යුධ හමුදා ක්‍රීඩා ටී ෂර්ට් එකක්, කැමා ටී ෂර්ට් 02ක්, කැමා නිළ ඇඳුම් 02ක්, ඉන පටියක් සහ පූචස් එකක් සොයාගෙන තිබෙනවා.
තවත් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 280ක්ද අනෙක් සැකකරු සන්තකයේ තිබී ව්‍යාජ පිස්තෝලයක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 700ක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
තවත් සැකකරුවෙකු සන්තකයේ තිබී අඟල් 32ක් පමණ දිග ඇත් දළ 02ක්, පොලිස් ක්‍රීඩා ටී ෂර්ට් 03ක්, පොලිස් ක්‍රීඩා හිස් වැසුමක්, ගමන් කථනයක් සහ අත්විලංගු ජෝඩුවක් සොයාගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28, 29 හා 39 වයස්වල පසුවන රාගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් සිව් දෙනෙක්.
සිදුකරන ලද විමර්ශනවලදී අණාවරණය වී ඇත්තේ, එම සැකකරුවන්ගෙන් එක් අයෙකු යුධ හමුදාවේ සේවය කර ඇති බවටයි.
තවත් සැකකරුවෙකු පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘රන් කැටියා’ යන අයගේ සමීපතමයෙකු වන අතර ඔහු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මහබාගේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.