ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි ජාවාරම පිළිබඳ වැඩමුළුවක් කොළඹදී අද (04) ආරම්භ වුණා. මෙම වැඩමුළුව ලබන 06 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ජාත්‍යන්තර ඉන්ටපෝල් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ ශ‍්‍රී ලංකා පොලිසිය විසින් මෙය සංවිධාන කර තිබෙනවා.
ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, මියන්මාරය හා නේපාලය යන රටවල් මීට සහභාගී වී සිටින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ.
ඉන්ටපෝල් ආයතනයේ ජාත්‍යන්තර න්‍යශ්ටික මර්ධන අංශයේ සහ අමෙරිකානු නිලධාරීන්ද මෙම වැඩමුළුව සඳහා එක්ව සිටිනවා.