සිවිල් පරිපාලනයක් උතුරේ කි‍්‍රයාත්මක බවට රජය ප්‍රකාශ කළද ලක්ෂයකට වඩා හමුදා භට පිරිසක් උතුරේ රඳවා සිටින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී විග්නේශ්වරන් පවසනවා.
මෙම තත්ත්වය සාමාන්‍ය ජනතාවගේ දෛනික ජනජීවිතයට බාධාවක් බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. ඒ, ස්විට්සර්ලන්තයේ නීතිය හා පොලිස් කටයුතු පිළිබඳ අමාත්‍ය සිමෝනීටා සෙමාරු සමග යාපනයේ පැවති සාකච්ඡාවකදීයි.
එහිදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ යුද හමුදාවේ විශාල පිරිසක් උතුරේ රැඳී සිටිමෙන් සාමාන්‍ය වැසියන් අනවශ්‍ය වද බන්ධනවලට ලක්වී ඇති බවයි.
මේ වසරේ ගතවු කාලය තුළ පමණක් එවැනි සිද්ධීන් 17 ක් වාර්තා වී ඇති බව සී. වී විග්නේශ්වරන් විසින් මෙහිදී ස්විට්සර්ලන්ත ඇමතිවරියට පෙන්වා දී තිබෙනවා.
යුද්ධය පැවති කාලයේදී යුද හමුදාව විසින් දෙමළ වැසියන්ට සිය අදහස් ප්‍රකාශ කිරීමට පවා ඉඩ ලබාදුන්නේ නැහැ. යුද්ධය අවසන් වී ඇති වටපිටාවක සිදුව ඇත්තේද එම තත්ත්වය බවයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.
හමුදාව උතුරේ රැඳී සිටිමින් ජනතාවගේ ඉඩම් කොල්ලකන බවත් උතුරේ ඉඩම් අක්කර හාරදහස් පන්සියයක් අලුතින් අත්පත්කර ගෙන ඇති බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.
සී.වී විග්නේශ්වරන් මෙහිදී ස්විට්සර්ලන්ත ඇමතිවරියගෙන් ඉල්ලා ඇත්තේ උතුරේ සැබෑ තත්ත්වය ජාත්‍යන්තරය හමුවට ගෙන ගොස් රජයට යම් බලපෑමක් සිදුකර උතුරේ ජනතාවට සහනයක් සලසන ලෙසයි.