පිටබැද්දර ඩඞ්ලි සේනානායක ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නෙත් විශ්මලන්තයේ දී දරු දැරියන් විවිධ විනෝද ක්‍රීඩාවල යෙදී සිටිනවා.
ඒ අතර ඔවුන් හඬ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන්නේ ද දැඩි උනන්දුවකින්.
(එම හඬපටය පහතින් දැක්වෙයි)
නෙත් විශ්මලන්තය ලෝක ළමා දින සැමරුම ආරම්භ වූයේ අද උදෑසන 8 යි 30 ට පමණයි.
මහජන බැංකුව හා මන්චි නිෂ්පාදන එයට අනුග්‍රහය සපයනවා.
………………………………………………………..
‘‘නෙත් විශ්මලන්තය’’ විනෝදය පමණක් නොව ළමා කුසලතාත් වර්ධනය කරයි
Oct 8, 2016 @ 12:20
පිටබැද්දර ඩඞ්ලි සේනානායක ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ‘‘නෙත් විශ්මලන්තය’’ ලෝක ළමා දින සැමරුමට මේ වන විටත් දරු දැරියන් සහ වැඩිහිටියන් විශාල සංඛ්‍යාත පිරිසක් එක්ව සිටිනවා.
ප්‍රදර්ශනයට තබා තිබෙන අපූර්ව නිර්මාණ, විවිධ සංදර්ශන සහ ක්‍රීඩා ඉසව්වලට සහභාගි වෙමින් ඔවුන් විනෝද වෙමින් සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ.
‘‘නෙත් විශ්මලන්තය’’ ලෝක ළමා දින සැමරුම පිටබැද්දර ඩඞ්ලි සේනානායක ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූයේ අමාත්‍ය සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන්. එහිදී හෙතෙම සඳහන් කළේ මෙවැනි වැඩසටහන් දරු දැරියන් විවිධ විෂමාචාරවලින් බේරාගැනීමට ද ප්‍රබල පිටිවහලක් වන බවයි.
(එම හඬපටය පහතින් දැක්වෙයි)
නෙත් එෆ්.එම්. ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය ද මෙහිදී අදහස් දැක්වූවා. එහිදී හෙතෙම පැවසුවේ මෙවැනි වැඩසටහන් මගින් හුදෙක් විනෝදාස්වාදය පමණක් නොව දරුවන්ගේ නිර්මාණාත්ම කුසලතා මතුකර ගැනීමට නෙත් එෆ්.එම් උත්සහ ගන්නා බවයි.
(එම හඬපටය පහතින් දැක්වෙයි)
නෙත් විශ්මලන්තයේදී විනෝද වෙමින් සිටින දරු දැරියන්ගේ මව්පියන් කිහිපදෙනෙකු ද මෙම අපූරු අත්දැකීම පිළිබඳව නෙත් නිවුස් වෙත අදහස් දැක්වූවා. එහිදී ඔවුන් සඳහන් කළේ සිය දරුවන් වෙනුවෙන් මෙවැනි වැඩසටහනක් සංවිධානය කර තිබීම වඩාත් අගය කරන බවයි. මෙහි ඇති ඇතැම් විශේෂාංග සිය දරුවන්ගේ පළමු අත්දැකීමක් වන බවත් පැවසුවා.
‘‘නෙත් විශ්මලන්තය’’ ලෝක ළමා දින සැමරුම පිටබැද්දර ඩඞ්ලි සේනානායක ක්‍රීඩාංගණයේදී අද දවස පුරා පැවැත්වෙනවා. ඊට අනුග්‍රහය ලබාදෙන්නේ මන්චි නිෂ්පාදන සහ මහජන බැංකුවයි.
පිටබැද්දර පොලිසිය, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පිටබැද්දර වෙළෙඳ සංගමය සහ ඩඞ්ලි සේනානායක විද්‍යාලය ඇතුළු අවට පාසල් ද නෙත් විශ්මලන්තය සංවිධාන කිරීමේදී ලබාදෙන්නේ ඉහළ සහයෝගයක්.
‘‘නෙත් විශ්මලන්තය’’ ඇරඹෙයි…. (PHOTOS)
(Oct 8, 2016 @ 08:52)
නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන ‘‘නෙත් විශ්මලන්තය’’ ලෝක ළමා දින සැමරුම පිටබැද්දර ඩඞ්ලි සේනානායක ක්‍රීඩාංගණයේදී මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
‘‘නෙත් විශ්මලන්තය’’ ලෝක ළමා දින සැමරුම අද (08) උදෑසන ආරම්භ වුණේ අමාත්‍ය සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන්.
ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ට ද සතුටු විය හැකි බොහෝ කි‍්‍රයාකාරකම් නෙත් විශ්මලන්තයට ඇතුළත්.
නෙත් විශ්මලන්තය සඳහා අනුග්‍රහය ලබාදෙන්නේ මන්චි නිෂ්පාදන සහ මහජන බැංකුවයි. පිටබැද්දර පොලිසිය, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පිටබැද්දර වෙළෙඳ සංගමය සහ ඩඞ්ලි සේනානායක විද්‍යාලය ඇතුළු ආශ්රිත පාසල්, සංවිධාන කටයුතු සඳහා එක්වී සිටිනවා.