සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමෙන් විපතට පත් දරු දැරියන්ට පොත්පත් හා පාසල් උපකරණ බෙදාදීමක් අද (08) සිදුකෙරුණා.
ඒ, සාලාව බොරළුගොඩ ශ්‍රී ජයවර්ධනාරාම විහාරස්ථානයේදීයි. අමෙරිකාවේ වෙසෙන කායික සහ පුනරුත්ථාපන විශේෂඥ වෛද්‍ය මාලිකා ජයසූරියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සහ නාවල කිරිමණ්ඩල මාවතේ පිහිටි මාධ්‍ය කලා සහ කළමනාකරණ පාසලේ සහභාගිත්වයෙන් මෙම සමාජ සත්කාරය සිදුකෙරෙනවා.
(මෙම වැඩසටහන පිළිබඳ පැහැදිළි කළ විශේෂඥ වෛද්‍ය මාලිකා ජයසූරියගේ හඬපටය පහතින් දැක්වෙයි)
මෙවැනි සමාජ සත්කාරක කටයුතු ඉදිරියේදීත් සංවිධාන කිරීමට අපේක්ෂා කරන බව විශේෂඥ වෛද්‍ය මාලිකා ජයසූරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.