කැමරුන් රාජ්‍යයේ දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් තිබෙනවා. කැමරුන්හි විශාලතම නගර දෙක වන යවුන්ඬේ සහ ඩොව්වාලා අතර ධාවනය වෙමින් තිබියදී දුම්රිය පීලිපැනීමට ලක්වුණා.
අනතුර සිදුවන අවස්ථවේ එම දුම්රියේ මගීන් 1300 ක් පමණ ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. එහෙත් දුම්රියේ ගමන් කිරීමේ ඉඩකඩ තිබී ඇත්තේ 600 දෙනෙකුට පමණයි.
සාමාන්‍යයෙන් ගෙන යා හැකි මගීන් ප්‍රමාණයට වඩා අධික ලෙස මගීන් රැගෙන යාම හේතුවෙන් අනතුරෙන් තුවාල ලැබූ සහ මියගිය ප්‍රමාණය ඉහළගොස් ඇති බවයි පැවසෙන්නේ.
එරට ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධියෙන් පුද්ගලයින් 575 කට වැඩි පිරිසකට තුවාල සිදුවී ඇති බවට මේ වන විට වාර්තා වී ඇති බවයි. මරණ සංඛ්‍යාව ද ඉහළ යා හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.