Tuesday, November 19, 2024

General line - 0115112241

SAITM ප්‍රශ්නය ඈවරයි? රෝහල රජයට




මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයට අනුබද්ධ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නැයි පාර්ලිමේන්තුවේ දී අද (23) යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ, උසස් අධ්‍යාපන අනු කමිටු වාර්තාව සභාගත කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ විසින්.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් තවත් නිර්දේශ කිහිපයක්ද මෙම වාර්තාවට ඇතුළත් වනවා.

ඒ අධීක්ෂණ ආයතනයක් යොදා වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය පවත්වාගෙන යෑම. අවසන් විභාගය රජයේ වෛද්‍ය පීඨවලට විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිස නියමකොට ඇති ප්‍රමිතීන්ට සහ මාර්ගොපදේශයන්ට අනුව පැවැත්වීම. සමස්ථ සිසුන්ගෙන් 20% නොමිළයේ අධ්‍යාපනය දිම. යන කොන්දේසීන්ට සයිටම් ආයතනය එකඟව ඇතැයිද මන්ත්‍රීවරයා පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ විසින් ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක කියා සිටියා. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ කථානායක කරූ ජයසූරිය ද සංවාදයට එක් වුණා.