මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කිරීමට පෙර මස්කෙළිය, බගවන්තලාව, නෝර්වුඩ් සහ සාමිමලේ යන ප්‍රදේශවල පිහිටි ආපනශාලා සහ වෙළෙඳසැල් පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින්.
වන්දනාකරුවන්ට පිරිසිදු ආහාර සහ පහසුකම් ලබාදීම මෙහි අරමුණයි. මෙහිදී අපිරිසිදුව ආපනශාලා පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුට දැඩි ලෙස අවවාද කිරීම් සිදුකෙරුණා.
දින 14ක් ඇතුළත අදාළ ස්ථාන පිරිසිදු කරගන්නා ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔවුන්ට දැනුම් දීමක් සිදුකර තිබෙනවා.