කොන්ක්රීට් මිශ්රණ රථයක් වත්තල හුණුපිටිය දුම්රිය හරස් මාර්ගයේදී නතරවීමෙන් දුම්රියේ වැදී අනතුරක් සිදුව තිබෙනවා.
වැඩි දුරටත් වාර්තා වුණේ අදාළ රථය දුම්රිය හරස් මාර්ගයේදී නතර වනවාත් සමගම දුම්රිය ගේට්ටුද වැසී ඇති බවයි. එහිදී පැමිණි දුම්රියේ මෙම රථය ගැටී තිබෙනවා.
අනතුරෙන් ජීවිත හානි වාර්තා වී නොමැති අතර අනතුර සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
(ඡායාරූප – සුදාරක ප්රභාත්)