වසරක සිර දඬුවම ගෙවා නිම කර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අද බන්ධනාගාරයෙන් පිටව ගියා.
දඩුවම් කාලය තුළ ඔහු රඳවා සිටියේ අනුරාධපුර බන්ධනාරගාරයේයි.
ශ්රී ලංකාවේ පුරවැසිභාවය නොමැතිව සංචාරක වීසාවකින් පැමිණ ශ්රී ලංකාවේ දේශපාලන කටයුතුවල නිරත වී ආගමන හා විගමන නීති උල්ලංඝණය කළ බවට වරදකරු කරමින් ඔහු දඬුවමට ලක්ව සිටියා.