හොංකොං හි නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ යළි දිවයිනට පැමිණියා.
කටුනායක ගුවන් තොටුපොළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඊයේ රාත්‍රී 11.20ට පමණ අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස යළි දිවයිනට පැමිණි බවයි.
ද ඉකොනමිස්ට් ජාත්‍යන්තර සඟරාව සංවිධාන කළ සමුළුවකට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍යවරයා හොංකොං බලා පිටත්ව ගියේ ඉකුත් බ්‍රහස්පතින්දායි.
මෙම සමුළුවේදී අග්‍රාමාත්‍යවරයා විශේෂ දේශනයක් ද සිදුකළා.