Wednesday, November 20, 2024

General line - 0115112241

මීගමුව දුම්රිය මග වැසූ 18කට වැඩ වරදියි




මීගමුව ගල්කන්ද දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් මහජනතාවට පීඩාවන අයුරින් විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 18 දෙනෙකු පොලිසිය විසින් අද අත්අඩංගුවට ගැනුණා.

අදාළ විරෝධතාවට සම්බන්ධ වූ ත්‍රීරෝද රථ 6ක් සහ බස් රථයක් ද මීගමුව පොලිසිය සිය භාරයට ගෙන තිඛෙනවා.

සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් ඉදිරිපත් කිරීමට නියමිතයි. වර්ජනයේ නිරත වූ බස් රථ රියදුරන් සහ ත්‍රීරෝද රථ රියදුරන් ඊයේ කි්‍රයාත්මක කළ එම විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළා.