පාසල් නිවාඩුව වෙනුවෙන් බදුල්ල සිට කොළඹ දක්වා සහ කොළඹ සිට බදුල්ල දක්වා අතිරේක දුම්රියන් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ලබන 9, 11, 13, 15, 17 සහ 19 යන දිනවල පෙරවරු 07:03ට කොළඹ කොටුවෙන් බදුල්ල බලා අතිරේක දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතයි. පස්වරු 5:29 ට පමණ එම දුම්රිය බදුල්ලට ළඟා වනවා.
මීට අමතරව ලබන 10, 12, 14, 16, 18 සහ 20 යන දිනවල පෙරවරු 7:30 ට බදුල්ලෙන්, කොළඹ කොටුව බලා අතිරේක දුම්රිය ගමන් ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
එම දුම්රිය පස්වරු 05:20 ට පමණ කොළඹ කොටුවට ළඟා වනු ඇති.