පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර ඊයේ (03) පැවති සාකච්ඡාවට සහභාගී වූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ සාකච්ඡාවට සහභාගී වූ බස් සංගම් නියෝජිතයෙකු ඊයේ පස්වරුවේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවයි.
ඒ, ඉකුත් දා මීගමුව ගල්කන්ද ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන්. එවැනි කලහකාරී සහ කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහභාගී වූ අයෙකු ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරන බවයි ගැමුණු විජේරත්න සඳහන් කළේ.
මේ අතර අද (04) දිනයේ දී දිවයින පුරා බස් ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව පෞද්ගලික බස් සංගම් පවසනවා. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ අද දින යම් අඩුපාඩුකම් පැවැතියද හෙට දිනය වන විට සියලූම මාර්ගවල බස් රථ ධාවනය සඳහා අවශ්‍ය කටයුතු ගෙන ඇති බවයි.