උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්නගේ රියෙහි ගැටී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා රෝහලට රැගෙන ආවේ වෙනත් වාහනයකින් බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අනතුරෙන් පසු මහඇමතිවරයාගේ මෝටර් රථය සොයා ගැනීමට පැය ගණනාවක් ගත වූ බවයි.
සිද්ධියෙන් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරා පවසා ඇත්තේ තමන් ඇතුලු ජීවිතක්ෂයට පත් පුද්ගලයාව රෝහල වෙත රැගෙන ආවේ හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ කාර්යාල සේවකයෙකු විසින් ඔහුගේ මෝටර් රථයෙන් බවයි.
උතුරු මැද මහඇමති ගමන් ගත් මෝටර් රථයේ ගැටී ජීවිතක්ෂයට පත් වුණේ ත්‍රීරෝද රථයක ගමන්ගත් මගියෙක්. ඔහු කුලී කම්කරුවෙක් වනවා.
(ත්‍රීරෝද රථයේ රියදුරු)
(අනතුරෙන් මරණයට පත් පුද්ගලයා)