Wednesday, November 20, 2024

General line - 0115112241

ගත වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය හම්බන්තොටින් – වැඩිම උෂ්ණත්වය රත්නපුරෙන්




ගතවූ පැය විසි හතරේ වැඩිම වර්ෂාපතනය හම්බන්තොටින් වාර්තා වී ඇතැයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එය මිලිමිටර් හැට පහයි දශම හතක් (65.07). මධ්‍යම පළාතේ ස්ථාන කිහිපයකින්ද වැසි වාර්තා වුණා.

කෙසේ වෙතත් සෙසු ප‍්‍රදේශවල ප‍්‍රධාන වශයෙන් වැසි රහිත කාළගුණයක් පැවති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

වැඩිම උෂ්ණත්වය වාර්තා වි තිබෙන්නේ රත්නපුර ප‍්‍රදේශයෙන්. සෙසු ප‍්‍රදේශවල උෂ්ණත්වයද ඉහළ මට්ටමක පැවති බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.