Wednesday, November 20, 2024

General line - 0115112241

නාය ගිය අරණායක සාමසර කන්දේ තිබූ විහාරස්ථානය වෙනුවට අලුත් විහාරස්ථානයක් (PHOTOS)




අධි අවධානම හේතුවෙන් ඉවත් කරන ලද අරණායක සාමසර කන්ද මුදුණේ පිහිටි විහාරස්ථානය වෙනුවට ඉදිකළ නව විහාරස්ථානය අද (04) විවෘත කෙරුණා.

මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ඇමරිකාවේ නිව් පර්සි බෞද්ධ විහාරාධිපති, බතලේගල හත්ගම්පල උභය විහාරාධිපති, කෑගලු මහ දිසාවේ ප‍්‍රධාන සංඝනායක හුංගම්පොල සිරිරතන නාහිමිපාණන්.

නව විහාරස්ථානය සඳහා ඉඩම පරිත්‍යාග කරනු ලැබ ඇත්තේ එස්. ඩී. රම්බණ්ඩා විසින්.

මෙම විහාරස්ථානය ශ‍්‍රී පුන්‍ය වර්ධනාරාමය නමින් නම් කර ඇති අතර භික්ෂූන් වහන්සේලා අට දෙනෙකුට වැඩ වාසයකළ හැකි පරිදියි නව විහාරස්ථානය ඉදි කර තිබෙන්නේ.

සාමසර කන්ද විහාරයේ වැඩ වාසය කරන ලද කැටයාපතන ශ‍්‍රී අනෝමදස්සි ස්වාමින් වහන්සේ මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පහතින් දැක්වේ.

“මැයි 17 වැනි දින සවස් කාලයේ මුළු ලෝකයාගේම දෙසවන් යොමු කරවමින්, හඬවමින්, කම්පා කරමින් විනාස වු සාමසර කඳු වැටිය ආශ‍්‍රිතව කඳු මුදුනේ ස්ථාපිතව තිබූ සාමසර කන්ද විහාරය ප‍්‍රදේශයේ දැඩි අවධානම් කලාපයක් බවට පත් වීමත් සමග විහාරස්ථානය එසේම තිබියදි අපිට ඉවත් වන්නට සිදු වුණා. දැන් ඒ හැම ප‍්‍රදේශයක්ම ජන ශූන්‍ය වෙලා. විහාරස්ථානයක් නොමැතිව හිටපු වෙලාවේ අපේ මේ ලොකු හාමුදුරුවෝ ලක්ෂ ගාණක් වියදම් කරලා මෙ ස්ථානයේ විහාරයක් ඉදි කළා. හිමිපාණන් වහන්සේ නමක් විදිහට මේ කරන ලද උදාර කටයුත්ත වෙනුවෙන් මා ඇතුළු සියලු දායක සභාව උන්වහ්නසේට දිර්ඝායු ප‍්‍රර්ථනා කරනවා”.

අදාළ ඡායාරූප පහතින් දැක්වේ

 

සිරිරතන නාහිමිපාණන් වහන්සේ
සිරිරතන නාහිමිපාණන් වහන්සේ
නව විහාරස්ථානයේ විහාරාධිපති කැටයාපතනේ අනෝමදස්සි හිමි
නව විහාරස්ථානයේ විහාරාධිපති කැටයාපතනේ අනෝමදස්සි හිමි
හිස් ඉඩම නොමිලේ පරිත්‍යාග කරන ලද එච්. එස්. ඩි. රම්බංඩා මහතා
හිස් ඉඩම නොමිලේ පරිත්‍යාග කරන ලද එච්. එස්. ඩි. රම්බංඩා මහතා

sport-www-nethnews-lk005 sport-www-nethnews-lk006 sport-www-nethnews-lk007 sport-www-nethnews-lk008 sport-www-nethnews-lk009 sport-www-nethnews-lk010 sport-www-nethnews-lk011 sport-www-nethnews-lk012