Wednesday, November 20, 2024

General line - 0115112241

අලුත් නීති නිසා රිය අනතුරු පහළට




ගත වූ සති දෙක තුළ රථ වාහන අනතුරු සියයට 10කින් අඩු වී ඇතැයි පොලිසිය ප‍්‍රකාශ කරන බව මුදල් අමාත්‍යංශය අද පැවසුවා.

රථ වාහන පොලීසියේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්.ඩී.ඒ. ධනංජය උපුටා දක්වමින් මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ රජය විසින් හඳුන්වාදෙන ලද නව නීති මෙම තත්වයට හේතුව බවයි.

මීට පෙර දෛනිකව සිදුවන රථවාහන අනතුරු සංඛ්‍යාව 100ත් 125ත් අතර වනවා. ඉන් 40ත් 50ත් අතර සංඛ්‍යාවක් බරපතල සිද්ධීන්. එහෙත් ඉකුත් සති දෙකේදී වාර්තා වී ඇති රථවාහන අනතුරු සංඛ්‍යාව 90ත් 100ත් අතර වනවා.

මේ අතර කොළඹ ජාතික රෝහලට රථ වාහන අනතුරු හේතුවෙන් දෛනිකව ඇතුළත් කරන සංඛ්‍යාවද පහළ ගොස් තිබෙනවා. ඉකුත් සමයට සාපේක්ෂව මේ වන විට එම සංඛ්‍යාව සියයට 18ක් දක්වා පහළගොස් ඇතැයි එම නිවේදනයේ සඳහන්.