මඩකලපුව මංගලාරාමය සහ ඒ අවට ප්‍රදේශවල තත්ත්වය මේ වන විට සාමකාමී බව එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පවසනවා.
ඊයේ (03) රාති‍්‍රයේ එම ප්‍රදේශය ආශි‍්‍රතව ඇති වූ තත්වයත් සමග ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවනු ලැබුවා.
නෙත් නිවුස් ප්‍රාදේශීය වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල පැවසුවේ ඊයේ රාත්‍රී 10ට පමණ මඩකලපුව විහාරස්ථානය ආසන්නයේ, මඩකලපුව පොලිසිය ඉදිරිපිට කළහකාරීව හැසිරුණු පිරිසක් විසුරුවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කළ බවයි.
අද (04) දවස තුළ මඩකලපුව ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් ඇති බවත් මංගලාරාම විහාරය අවට විශේෂ ආරක්ෂාවක් යොදා තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ ඊයේ (03) පැවති ආගමික උත්සවයකට සහභාගී වීමට සැදැහැවතුන් පිරිසක් පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත් මාර්ග බාධක යොදා ආරක්ෂක අංශ ඔවුන්ගේ පැමිණීම වළක්වනු ලැබුවා. එම නිසා අදාළ ආගමික උත්සවය ද සිදු කෙරුණේ නැහැ.