පානදුර නගරයේදී පෞද්ගලික බස් රථයකට යටවී එම බස් රථයේ කොන්දොස්තරවරයා ජිවිතක්‍ෂයට පත්වී තිබෙනවා.
කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරක් වළක්වා ගැනීමට මෙම බස් රථය කටයුතු කර ඇති අවස්ථාවේ කිසියම් පිරිසක් එහි රියදුරාට පහරදීමට උත්සාහ දරා ඇති බවටයි වාර්තා වන්නේ.
තත්ත්වය සමථයකට පත් කිරිමට මැදිහත් වූ කොන්දොස්තරවරයාටද එම පිරිස පහරදී තිබෙනවා.
පසුව කොන්දොස්තරවරයා බස් රථය යටට දමා ඇති අතර එය නොදුටු රියදුරු බස් රථය ධාවනය කර ඇතැයි මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වුණා.
සිද්ධියෙන් ජීවිතක්‍ෂයට පත් වූයේ 22 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.