කූඨ ලේඛණ සකස් කළ බවට එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක අද (05) ඇපමත මුදා හැරියා. ඒ, රුපියල් විසි පන්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4 ක් මතයි.
සිද්ධියට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන හමුවේ අද කැඳවූ අවස්ථාවේ මෙම තීරණය ප්රකාශයට පත් කෙරුණා.
ඉකුත් ජනාධිපතිවරණ සමයේදී, එවකට පොදු අපේක්ෂකයා වූ මෛතී්රපාල සිරිසේන හා විපක්ෂ නායකව සිටි රනිල් වික්රමසිංහ අතර රහස්ගත ගිවිසුමක් අත්සන් කර ඇතැයි පවසමින් කූඨ ලේඛණයක් ප්රසිද්ධියට පත් කිරීම තිස්ස අත්තනායකට එල්ල වූ චෝදනාවයි.