අවිස්සාවේල්ල ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ ඇගලුම් ආයතනයක සේවක සේවිකාවන් 86 දෙනෙකු හදිසියේ රෝගීවිම හේතුවෙන් අද (05) උදෑසන රෝහල්ගත කර තිබෙනවා. ඒ අතරට ඇගලුම් සේවිකාවන් 58 දෙනෙකුද ඇතුළත්.
ඔවුන් උදරාබාධය, ක්ලාන්තය සහ වමනය යන රෝගී තත්ත්වයන් පෙන්නුම් කළ බවයි අවිස්සාවේල්ල මූලික රෝහලේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේ.
කෙසේවෙතත් මෙම රෝගී තත්ත්වයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.