අනාගත රැකියා ඉල්ලුමට ගැලපෙන පරිදි උපාධි පාඨමාලාවන් නවීකරණය කිරීම නව රජයේ උසස් අධ්‍යාපන ප‍්‍රතිපත්ති අතර මූලික අපේක්ෂාවක්.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ දිවයින පුරා විශ්ව විද්‍යාලවල නව තාක්ෂණ පීඨ 05ක් ආරම්භ කරන බවයි.
එහි පළමු තාක්ෂණ පීඨය අග්නිදිග විශ්ව විද්‍යාලයෙදී ආරම්භ වෙනවා.
ඒ අනුව තාක්ෂණ විෂය සඳහා ශ‍්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකට ඇතුලත් කරගන්නා පළමු ශිෂ්‍ය කණ්ඩායම ශ‍්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලය වෙත ඇතුලත් කර ගැනීම අද (05) දින සිදුකෙරුණා.
අග්නිදිග විශ්ව විද්‍යාලයේ ආරම්භ වන තාක්ෂණ පීඨය සඳහා සිසු සිසුවියන් 160 දෙනෙකු උපාධි පාඨමාලාවන් දෙකක් වෙනුවෙන් ඇතුලත් කරගැනීමට නියමිතයි.
එ් යටතේ කෘෂිකර්ම තාක්ෂණවේදය සඳහා සිසුන් 85 දෙනෙකු සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණය (ICT) සඳහා සිසුන් 75 දෙනෙකු ඇතුලත් කර ගැනෙනවා.
සිව් වසරක පූර්ණ ඉංග‍්‍රීසි මාධ්‍ය පාඨමාලාවක් ලෙස මෙම පාඨමාලාව සැලසුම් කර තිබෙනවා.
එහිදී රැකියා වෙළඳපොල ඉල්ලුමට සරිලන පරිදි ප‍්‍රායෝගික ක‍්‍රියාකරකම් පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබීම මෙම පාඨමාලාවේ විශේෂ ලක්ෂණයක්.
එ් සඳහා අවශ්‍ය වන නවීන විද්‍යාගාර පහසුකම්, ගොවිපල ඇතුළු පහසුකම් රැසක් විශ්ව විද්‍යාලය සතුව පවතිනවා.
පාඨාමාලාවන් වෙනුවෙන් ඉංග‍්‍රීසි හා තොරතුරු තාක්ෂණ මූලික පාඨමාලා එළඹෙන ජනවාරි මස ආරම්භ කෙරෙනවා. සියළු සිසුන් වෙනුවෙන් පූර්ණ නේවාසික පහසුකම්ද හිමිවන මෙම තාක්ෂණ පීඨයේ පීඨාධිපතිවරයා ලෙස ආචාර්ය එම්.ජී.එම් තාරික් කටයුතු කරනවා.