Wednesday, November 20, 2024

General line - 0115112241

බීලා බෝට්ටුවේ යන්නත් බැරි වෙයි




බීමත්ව සාගරයේ සිදුවන අනතුරු පිළිබඳව ජනතාව අතරට එතරම් නොයෑම හේතුවෙන් ඊට එරෙහි ජනතා මතයක් ගොඩනැගී නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි සඳහන් කරනවා.

කෙසේවෙතත් බීමත්ව ධීවර කර්මාන්තයේ නිරතවීම වැළැක්වීමට අවශ්‍ය නව නීති හඳුන්වා දීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පෙන්වා දෙන්නේ.

එවැනි බෝට්ටු අනතුරුවලදී ජීවිත අනතුරු පවා සිදුවන බවත්, එම අනතුරුවලදී බෝට්ටුවලට වන හානිය ඉතා විශාල බවත් ඔහු පැවසුවා.

ධීවර අමාත්‍යාංශයට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි. මුහුදේ සිදුවන අනතුරු වළක්වා ගැනීමට නව නීති හඳුන්වා දීමේ අරමුණ ධීවරයාත් බෝට්ටු හිමිකරුවාත් යන දෙපාර්ශ්වයම ආරක්ෂා කර ගැනීමට බවයි එහිදී වැඩි දුරටත් පැහැදිළි කෙරුණේ.  පසුගිය දිනවල එවැනි අනතුරු සිදු වූ බවද සඳහන් කෙරුණා.