ජාතික තරුණ සංවර්ධන කාර්යංශය නමින් ලියාපදිංචි කර ඇති සමාගමේ ජාතික යන යෙදුම ඉවත් කරන ලෙස විෂය භාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමාගම් රෙජිස්ටාර්වරයාට නියෝග කර තිබෙනවා.
මෙම කාර්යංශය මගින් එන්.වයි.ඩී.බී. සෝෂල් මීඩියා අවෝර්ඞ්ස් යන නාමය ඔස්සේ සමාජ මාධ්‍ය ඇතුළු ඩිජිටල් මාධ්‍ය හා එහි නියැල්ලෙන්නන් වෙනුවෙන් සම්මාන උළෙලක් ඉකුත් දා පැවැත්වුණා.
එය ජාතික තරුණ සේවා සභාව මගින් පැවැත්වූවක් ලෙස හැඟවීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී තිබුණා. ඒ අනුව අදාළ සමාගමේ ‘ජාතික’ යන වචනය ඉවත් කරන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් සහ සමාගම් රෙජිස්ටාර්වරයාගෙන් ඉල්ලා සිටි බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්දික වැලිඅංගේ පැවසුවේ.