Wednesday, November 20, 2024

General line - 0115112241

සර්ගෙන් ලැබුණු ඇමතුම ගැන සත්‍ය හෙළි කරන්නලු




පොලිස්පතිවරයාට ලැබුණු ආන්දෝලනාත්මක දුරකතන ඇමතුම සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක ප‍්‍රකාශයක් සිදු කළ යුතු බව පුරවැසි සංවිධාන එකමුතුව පවසනවා.

එහි සාමාජික වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා සඳහන් කළේ මෙතෙක් තිරය පිටුපස තිබූ දේශපාලන ගනුදෙනු පොලිස්පතිවරයා විසින් තිරය ඉදිරියට ගෙන ආ බවයි. සිද්ධිය පිළිබඳව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා සත්‍ය හෙළි කළ යුතු බවද පැවසුවා.

පොලිස්පතිවරයාට ලැබුණු මෙම ඇමතුම සම්බන්ධයෙන් අද පැවැති තවත් මාධ්‍ය හමු කිහිපයකදීද අදහස් පළ වුණා.

සාධාරණ සමාජයක් වූ පුරවැසි හඬ සංවිධානයේ කැඳවුම්කරු චන්ද්‍රසේන විජේසිංහ එහිදී සඳහන් කළේ වත්මන් බලධාරීන් විසින් පොලිස්පතිවරයාගේ සිද්ධිය සාධාරණීකරණය කිරීමේ තත්ත්වයකට හැරෙමින් ඇති බවයි.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද අද පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

එහිදී සඳහන් කෙරුණේ පූජිත් ජයසුන්දරට පොලිස්පති ධූරය කටු ඔටුන්නක් වී ඇති බවයි.