බෞද්ධාගම ආරක්ෂාවන පරිදි විහාර දේවාලගම් පනත සංශෝධනය කළ යුතු බව නාමල් උයන හා රෝස තිරුවාන නිධියේ භාරකාර වනවාසි රාහුල හිමියන් පවසනවා. ත්‍රෛනිකාය මහා නාහිමිවරුන් පත්කිරීම වසර පහකට වරක් සිදු කිරීමට නීති ගෙන ආයුතු බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.
උන්වහන්සේ සඳහන් කළේ ත්‍රෛනිකායික මහානාහිමිවරු පත්කිරීමද සංශෝධනය කළ යුතු බවයි. වනවාසි රාහුල හිමියන් මෙම අදහස් පළ කළේ දඹුල්ල නාමල් උයන ලේකම් කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින්.
මෙරට බෞද්ධ වෙහෙර විහාරස්ථාන ආරක්ෂා කිරීම සඳහා මීට වඩා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවද වනවාසි රාහුල හිමියන් මෙහිදී සඳහන් කළා.
රට තුළ පවතින අන්තවාදී කි‍්‍රයා වැළැක්වීම සඳහා සියලූ ආගමික නායකයින් වහා එක් මේසයකට පැමිණ සාකච්ඡා කළ යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.
තමා මේ පිළිබඳව රටේ නායකයින් දැනුවත් කරන්නට පියවර ගත්තත් ඉන් පළක් නොවූ කළ මාධ්‍ය දැනුවත් කර රටේ ජනතාවට මේ පිළිබඳව අදහස් ලබා දීමට පියවර ගත් බවත් සඳහන් කළා.