රටේ ආගමික සංහිදියාව ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා පූර්ණ කාලීනව කටයුතු කරන විශේෂ කි‍්‍රයාකාරී කමිටුවක් පත්කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.
එ්, සියලු ආගම් අතර අන්‍යොන්‍ය අවබෝධය වර්ධනය කර ගැනීමටයි. බුද්ධ ශාසන අමාත්‍යංශය, කි්රස්තියානි කටයුතු අමාත්‍යංශය, හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය සහ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරුන් විසින් නම් කරන ලද විශේෂ නියෝජිතයින් මෙම කි‍්‍රයාකාරී කමිටුව සඳහා ඇතුළත් වනු ඇති.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ආගමික සංහිදියාව පිළිබඳ සර්ව ආගමික නායකයින් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.
බෞද්ධ, හින්දු, මුස්ලිම්, කි්රස්තියානි ආගම් නියෝජනය කරමින් ආගමික නායකයින් සහ බෞද්ධ ආගමික සංවිධාන නියෝජිතයින්ද එම සාකච්ඡාවට එක්ව සිටියා.
ආගමික සංහිදියාවට තර්ජනය වන අයුරින් දැනට රටතුළ මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී අවධානයට ලක් කෙරුණා. අන්තර් ආගමික මණ්ඩලයක් මගින් මෙම ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳවයි මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත්තේ.