ණය පොලී අනුපාතය වැඩි වීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව මෙන්ම ව්‍යාපාරිකයින්ද ඉදිරියේදී ගැටලු රැසකට මුහුණදෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන පවසනවා.
මන්තී‍්‍රවරයා පෙන්වා දෙන්නේ මෙම තත්වය රජයටද අහිතකර ලෙස බලපානු ඇති බවයි. ණය පොලී වැඩිවීමේ වේගය සියයට 55 ත් සියයට 66 ත් අතර අගයක් ගෙන ඇති බවත් ඔහු සඳහන් කළා. පොළී අනුපාතය වැඩි වීම සියලූම ක්ෂේත්‍රයන්ට දැනෙනු ඇති බවයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ.
ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳවද මන්තී‍්‍රවරයා අදහස් පළ කළා.
එහිදී හෙතෙම පැවසුවේ කොළඹ පිටකොටුව විනිමය කලුකඩ වෙළඳපොලේ ඊයේ (06) දිනයේදී ඇමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 155 ක් ගෙවූ බවයි. මේ හරහා ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා මෙරට ජනතාව ගෙවිය යුතු රුපියලේ ප්‍රමාණය ඉහළ යන බවත් සඳහන් කළා.
බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.