ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදන කි‍්‍රයාවලිය පිළිබඳ කාර්යභාරය හේතුවෙන් තමන්ට ඊයේ (06) දිනයේදී දුරකතනයෙන් මරණ තර්ජන එල්ල වූ බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න පැවසුවා.
අද (07) පාර්ලිමේන්තුවේදී වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කරමින් හෙතෙම මේ පිළිබඳව අනාවරණය කළා.
එහිදී වැඩි දුරටත් ඔහු සඳහන් කළේ තමාට ඉතා පරුෂ වචනයෙන් බැන වැදී තමා සහ තමාගේ පවුලේ සියලුම සාමාජිකයන්ව මරා දමන බවට අදාළ පුද්ගලයා තර්ජනය කළ බවයි.
මෙහිදී මේ පිළිබඳව විදිමත් පරීක්ෂණයක් සිදු කිරීමට නියෝජ්‍ය කතානායකවරයා නියෝග කළා.