ශී‍්‍ර ලංකාවේ ගුවන් ඉතිහාසයට අදට වසර 104 ක් සපිරෙනවා. සාර්ථක දේශීය ගුවන් ගමනක් කොළඹ තුරඟ තරග පිටියේදී සිදු කර ඇත්තේ 1912 වසරේ අදවන් දිනකයි.
ශී‍්‍ර ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ මේ වන විට ගුවන් යානා සමාගම් 30 ක් පමණ ශී‍්‍ර ලංකාවට පැමිණෙන බවයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා දිනකට සිදුවන ගුවන් මෙහෙයුම් ගණන 180ක්.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය සමරන්නේද අද දිනයේයි. එහි වැදගත්කම පිළිබඳව පැහැදිලි කළ සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් එම්.සී නිමල්සිරි සඳහන් කළේ 1944 වසරේ රටවල් 54 ක් අමෙරිකාවේ චිකාගෝ හීදි රැස්වී එතෙක් යුද කටයුුතු සඳහා භාවිතා කළ ගුවන් යානා සාමකාමී කටයුතු සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳව එළඹුනු සම්මුතිය අනුව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනය පිහිටුවා ගැනීම මීට පාදක වූ බවයි. මෙම සම්මුතිය නිසා අද ලෝකයේ ආරක්ෂාකාරී ගුවන් සේවාවක් නිර්මාණය වී ඇති බවද සඳහන් කෙරුණා.