Wednesday, November 20, 2024

General line - 0115112241

කුවේට් හිදී අනතුරට ලක්වූ සුජානි යළි මවුබිමට ගෙන ඒමට සුදානම්




කුවේට්හි රැකියා ස්ථානයේදී ඇතිවූ හදිසි අනතුරකින් අනතුරුව කුවේට්හි අල් අදාන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන ලාංකික කාන්තාවක් යළි දිවයිනට ගෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අමාත්‍ය තලතා අතුකෝරලගේ  උපදෙස් අනුවයි.

කොකුන්නෑව, රනෝරාව ලිපිනයේ පදිංචි බන්දුලගේ සුජානි රාජපක්‍ෂ එරට තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත ශ්‍රී ලංකාවට යළි ගෙන්වීමට කටයුතු කරන බව අමාත්‍ය තලතා අතුකෝරළ සඳහන් කළා.

ඒ ඇයගේ ස්වාමිපුරුෂයා සහ පවුලේ ඥාතීන් හමුවූ අවස්ථාවේ දී.

කාර්යාංශයේ ලියාපදිංචි වී කුවේට් හි රැකියාවක් සඳහා සුජානි රාජපක්‍ෂ විදේශ ගතවී ඇති අතර පසුගිය වසරේ තම සේවා ස්ථානයෙහි ඉහළ මහලේ සිට වැටීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

ඉන් ඇගේ කොඳු ඇට පෙළ බිඳීමක් සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

දැනට ඇය සුවය ලබමින් සිටින අතර, ඇය ප‍්‍රකාශ කරන්නේ සේවය කල ස්ථානයේ හාම්පුතා විසින් ඇයව ඉහළ මහලේ සිට තල්ලූ කල බවයි.

ඒ අනුව තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් මේ වන විට නීතිමය කි‍්‍රයාමාර්ග සඳහා යොමුවී තිබෙනවා.

මීට අමතරව ඇය රෝහල් ගතවූ දිනයේ සිට මේ වන තෙක් සියළුම වියදම් කුවේට් තානාපති කාර්යාලය විසින් දරා ඇති බවයි සඳහන් වන්නේ.

unnamed