Wednesday, November 20, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ සංවිධානය යළිත් පරීක්ෂණයක් ඉල්ලයි




විවිධාකාරයේ හිංසන සහ දූෂණ ක‍්‍රියා ශ‍්‍රී ලංකාවේ තවමත් සිදු වෙමින් ඇතැයිද ඒ පිළිබඳ විමර්ශන සිදු කළ යුතු බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

දස දෙනෙකුගෙන් යුත් විද්වත් මණ්ඩලයක් විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් පසුවයි ඔවුන් මේ බව පැවසුවේ.

මරණ තර්ජන, මනුෂ්‍ය ඝාතන, නීති විරෝධි රඳවා තබා ගැනීම්, පැහැර ගැනීම්, පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පාපොච්ඡාරණයන් සඳහා සැකකරුවන්ට අනිසි බලපෑම් කිරීම ශ‍්‍රී ලංකාවේ වැඩි වශයෙන් සිදු වන හිංසන ලෙස හඳුනාගෙන ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියා.

මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුව තවමත් ඍජු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවයි රොයිටර්ස් පුවත් සේවය කියා සිටියේ.