Wednesday, November 20, 2024

General line - 0115112241

ජනපතිට මරණ තර්ජන කළ තරුණයෙක් රිමාන්ඩ්




ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය හරහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට මරණ තර්ජනයක් සිදු කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 15 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටියගේ නියෝගයක් අනුවයි.

මෙම සැකකරු රත්මලාන ප‍්‍රදේශයේ පදිංචි දිනූෂ චමීර නමැත්තෙක්. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙඩි තබා ඝාතනය කළ යුතු බවට හැඟවෙන වැකියක් ඔහු විසින් ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවියට ඇතුළත් කර තිබූ බව අධිකරණයේ දී ප‍්‍රකාශ කෙරුණා.

විමර්ශන තවමත් අවසන් නොමැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ. රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය ඒ අනුව නිකුත් කෙරුණා.