රුපියල් මිලියන 45 ක් මුදල් විශුද්ධිකරණය කළ බවට වන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 8 දෙනෙකුට නීතිපති දෙපාර්තමේන්තුව කඩිනමින් නඩු පවරනු ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත අද (08) දැනුම් දුන්නා.
ගවර්ස් කෝපරේෂන් සහ එන්. ආර්. කන්සල්ටේෂන් යන ආයතන සමග කළ ගනුදෙනුවලින් මෙම මුදල් විශුද්ධිකරණය සිදුකර ඇති බවටයි සැක කෙරෙන්නේ.
විමර්ශන උදෘත නීතිපතිවරයාට යවා ඇතැයි ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණය වෙත දැනුම් දුන්නා. ලබන වසරේ පෙබරවාරි මස 9 වනදා මෙම නඩුව නැවත කැඳවීමට නියමිතයි.