බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයෙකු බව පවසමින් බදුල්ල ප‍්‍රදේශයේ ඓතිහාසික විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමකගෙන් කප්පම් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ පනහක මුදලක් ලබාදෙන බව පවසමින් සැකකරු අදාළ කප්පම් ලබාගැනීම සිදුකර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සැකකාර පුද්ගලයා විහාරාධිපති හිමියන්ගෙන් මෙලෙස ලබාගෙන ඇති කප්පම රුපියල් හය ලක්ෂ තිස්පන් දහසක් බව ද අනාවරණ වී තිබෙනවා.