නීතිය සහ බලය කුමන අන්දමකින් පැවතියද ජනතාවගේ ගැටලූවලට විසඳුම් සෙවීමේදී සියලූ දෙනා නම්‍යශීලීව කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව ඊට අදාළ සියලූ පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (08) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
රටටම පොදු ගැටලූවක් බවට පත්ව ඇති ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ගැටලූවට විසඳුම් සෙවීමේදී තමන්ට අයත් අමාත්‍යංශ සහ ආයතන සතුව පවතින බලය ජනතා සුබසෙත සඳහා නම්‍යශීලීව භාවිත කිරීම සියලූදෙනාගේ වගකීමක් බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. බලය තාවකාලික වන අතර සැමවිටම ප්‍රමුඛත්වය හිමිවිය යුත්තේ ජනතා සුබසෙත වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සඳහන් කළා. ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙළ කාර්යක්ෂම සහ විධිමත් කිරීම සඳහා පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.