Wednesday, November 20, 2024

General line - 0115112241

ගම්මන්පිල රන්ජන්ගෙන් මිලියන 500ක වන්දියක් ඉල්ලයි




නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඒ, තමන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කාලසීමාව සම්බන්ධයෙන් ෆේස්බුක් ඔස්සේ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පළ කළ වීඩියෝවකට එරෙහිවයි. අද (08) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙම සිද්ධියට අදාළව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරිය පළ කළ අදහසකට ද ප‍්‍රතිචාර දැක්වූවා. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මෙම සිද්ධියට අදාළ වීඩියෝ පටයේ අදහස් දක්වා තිබුණේ මෙලෙසයි.

බන්ධනාගාර අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මන්ත‍්‍රීවරිය අදහස් දැක්වූයේ මෙලෙසයි.

අද පැවති මාධ්‍ය හමුවකදී එම අදහස්වලට උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා.