Wednesday, November 20, 2024

General line - 0115112241

දේශද්‍රෝහීන් 19ක් ජනපති අත්සනින් ජාතික විරුවන් වෙයි




ඌව වෙල්ලස්ස කැරැුල්ලේදී කැප්පෙටිපොළ ඇතුළු විරුවන් 19 දෙනා දේශද්‍රෝහීන් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අවලංගු කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ එම පිරිස නිදහස් ශ‍්‍රී ලංකාවක් උදෙසා දේශානුරාගයෙන් සටන් වැදුණු වීරවරයන් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමේ ලේඛනයට ජනාධිපතිවරයා අත්සන් තැබූ බවයි.

1818 ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දීම හේතුවෙන් එම විරුවන් 19 දෙනා දේශද්‍රෝහීන් ලෙස ප‍්‍රකාශ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේ එවකට බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ රොබට් බ‍්‍රවුන්රික් විසින්.

he-1 he-2