හම්බන්තොට වරාය අක්කර 4000ක ඉඩම් ප්‍රමාණයක් සමග චීන සමාගමකට විකිණීම අද (08) දිනයේ සිදුකිරීමට නියමිතව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මන්තී්රීවරයා ඒ පිළිබඳ කරුණු අනාවරණ කළා.
වරාය හා නාවික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා මීට අදාළ ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. එසේ වුවහොත් අනාගතයේදී මුහුණපෑමට සිදුවන තත්ත්වයක් පිළිබඳව ද විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙහිදී අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ අනාගත ආණ්ඩුවේ FCIDය වෙත ගෙනයනු ලබන පළමු පුද්ගලයා වන්නේ වත්මන් වරාජ හා නාවික අමාත්‍යංශයේ ලේකම්වරයා බවය.